ගංගාරම නවම් මහා පෙරහර


අගනුවර  විශාලම හා අලංකාර පෙරහර
ගංගාරම නවම් මහා පෙරහර



අගනුවර පැවැත්වෙන විශාලම හා අලංකාර පෙරහර ලෙස හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර හඳුන්වන්න පුළුවන්. වාර්ෂිකව සංවිධානය වන මෙම නවම් මහා පෙරහර 42 වැනි වරටත් නවම් පොහොය දින(08දා)  හා ඊට පෙර දින (07දා) තුළ වීදි සංචාරය කෙරිණි.

අලි ඇතුන්, උඩරට, පහතරට හා සබරගමු නර්තනයන්, ගිනිබෝල, බොරුකකුල්කරුවන්, අංග රැසකින් මෙවර පෙරහර සමන්විත විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 07 වැනිදා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ද පොහෝ දිනයේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කරන්න යෙදුණි.
පසුගිය 30 වැනිදා නවම් මහා පෙරහර මංගල්‍ය‘යේ මල්පෙරහර ආරම්භ වූ අතර, එය පසුගිය 06 වැනිදා දක්වා පැවැත්විණි. 





























Post a Comment

0 Comments