ත්‍රිපිටකයේ මූලික
බෙදීම
විනය
පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූ සහ භික්ෂුණී සංඝයා
වෙත පැනවූ ශික්ෂා පද, ප්‍රඥ්ප්ති හා විනය කර්ම මෙහි අන්තර්ගත වෙයි. භික්ෂූ,
භික්ෂුණීන් සඳහා නියෝග පණවා ඇති හෙයින් %ආනා දේශනා^ ලෙසද හඳුන්වයි. එම දේශනා ප්‍රධාන කොටස් පහකට බෙදා වෙන්කර ඇත.
- 1. පාරාජිකා පාලි
- 2. පාචිත්ති පාලි
- 3. මහාවග්ග පාලි
- 4. චුල්ලවග්ග පාලි
- 5. පරිවාර පාලි
සූත්‍ර පිටකය
සූත්‍ර පිටකයට අයත්
වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය යි. සුත්‍ර %වෝහාර
දේශනා^ ලෙසද හඳුන්වයි. දේශනා දාහත් දාහකට වඩා මෙහි අන්තර්ගතය. එය ප්‍රධාන කොටස්
(නිකාය) පහකින් සමන්විතය.
1. දීඝ නිකාය
(සූත්‍ර 34)
- සීලස්කන්ධ වග්ගය
- මහා වග්ගය
- පාථික වග්ගය
2.මජ්ඣිම නිකාය
(සූත්‍ර 152)
- 1. මූල පන්නාසකය
- 2. මජ්ඣිම පන්නාසකය
- 3. උපරි පන්නාසකය
3.සංයුත්ත නිකාය (සූත්‍ර 56)
- 1. සගාථා වග්ගය
- 2. නිදාන වග්ගය
- 3. ඛන්ධ වග්ගය
- 4. සළායතන වග්ගය
- 5. මහා වග්ගය
4. අංගුත්තර
නිකාය (නිපාත 11)
- 1. එකක නිපාතය
- 2. දුක නිපාතය
- 3. තික නිපාතය
- 4. චතුක්ක නිපාතය
- 5. පඤ්චක නිපාතය
- 6. ඡක්ක නිපාතය
- 7. සත්තක නිපාතය
- 8. අට්ඨක නිපාතය
- 9. නවක නිපාතය
- 10. දසක නිපාතය
- 11. එකාදසක නිපාතය
5.ඛුද්දක නිකාය
(ග්‍රන්ථ 15 අඩංගු වෙයි)
- 1. ඛුද්‌දකපාඨ පාලි
- 2. ධම්‌මපද පාලි
- 3. උදාන පාලි
- 4. ඉතිවුත්‌තක පාලි
- 5. විමාන වස්තු
- 6. ප්‍රේත වස්තු
- 7. සුත්ත නිපාතය
- 8. ථෙරගාථා පාලි
- 9. ථෙරීගාථා පාලි
- 10. ජාතක පාලි 1
- 11. ජාතක පාලි 2
- 12. ජාතක පාලි 3
- 13. මහා නිද්දේස පාලි
- 14. චූල නිද්දේස පාලි
- 15. පටිසම්භිදාමග්ගප්පකරණ
- 16. අපදාන පාලි - භික්ඛූ අපදාන 1
- 17. අපදාන පාලි - භික්ඛූ අපදාන 2
- 18. අපදාන පාලි - භික්ඛූණී අපදාන
- 19. බුද්ධවංස පාලි
- 20. චරියාපිටක පාලි
- 21. නෙත්තිප්පකරණ
- 22. පෙටකොපදෙශ
ධර්මස්කන්ද 21,000
අභිධර්ම පිටකය
අසූ හාරදහසක් වන ශ්‍රී සද්ධර්මයෙන් ධර්මස්කන්ධ හතලිස්
දෙදාහක්ම අයත් වන්නේ අභිධර්ම පිටකයටයි. මෙහි අන්තර්ගත වනුයේ සම්මා සම්බුදුරජාණන්
වහන්සේ අවබෝධ කල ශ්‍රී සද්ධර්මයෙහි ගැඹුරු දහම් කොටස් ය. එම දේශනා ප්‍රධාන කොටස්
හතකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්,
1. ධම්‌මසංගණීප්පකරණය
2. විභංගප්පකරණය
3. ධාතුකථාප්පකරණය
4. පුග්‌ගලපඤ්‌ඤත්‌තිප්පකරණය
5. කථාවත්‌ථු ප්‍රකරණය
6. යමකප්පකරණය
7. පට්ඨනප්පකරණය
ධර්මස්කන්ද 42,000
බුදුරජාණන් වහන්සේට
අභිධර්ම පිටකය දේශණා කිරීමට දින 90ක් ගත විය.
දීඝ නිකාය - ආනන්ද තෙරුන් ඇතුළු ශිෂ්‍ය භික්ෂු පරම්පරාව
මජ්ඣිම නිකාය - සැරියුත් මහරහතන් වහන්සේ
සංයුත්ත නිකාය - මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ
අංගුත්තර නිකාය - අනුරුද්ධ මහා රහතන් වහන්සේ
ඛුද්දක නිකාය - සියලුම භික්ෂූන්

0 Comments