අටපිරිකර ගැන දැනුවත් වෙමු




වර්තමානයේදී දානමය පිංකමකදී හෝ වෙනත් බෞද්ධාගමික පිංකමකදී අටපිරිකර පූජාව සුලභව දක්නට ලැබේ. අනුහස් සහිත මෙම පූජාව අටමහ කුසල්වලටද අයත් වෙයි. භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා උන්වහන්සේලාට පරිහරනයට කැපවූ භාණ්ඩ 8ක් අට පිරිකර ලෙස හඳුන්වයි.


අටපිරිකරට අයත් පරිස්කාර
  1. දෙපට සිවුර (සංඝාටිය)
  2. තනිපට සිවුර (උත්තරාසංඝ)
  3. අඳනය (අන්තර වාසිකය)
  4. පටිය (කාය බන්ධනය)
  5. පාත්‍රය (පත්ත)
  6. දැලිපිහිය (වාසී)
  7. ඉඳීකටුව (සුචි)
  8. පෙරහන් කඩ (පරිස්සාවන)

අටපිරිකර පරිහරණය භික්ෂූන්ට කැප වූ අතර, මෙම පිරිකර
  • කාය පරිහාරික (ශරීරය පරිහරණය කරන ද්‍රව්‍ය % කාය පරිහාරික^ ලෙස හඳුන්වයි)
  • කුච්ඡි පරිහාරික ද විය. (කුසින් පරිහරණය නැත්නම් ආහාර ගැනීමට භාවිත කරන ද්‍රව්‍ය කුච්ඡි පරිහාරික ලෙස හඳුන්වයි)

තුන් සිවුර
දෙපට සිවුර, තනිපට සිවුර හා අඳිනය තුන් සිවුරට අයත් වෙයි. සිවුර හැඳගෙන සිටින විට කාය පරිහාරික පිරිකරයක් වන අතර, සිවුර කොනින් පැන් පෙරා වළඳන විට කුච්ඡි පරිහාරික පිරිකරයක් වෙයි.

තුන් සිවුර පූජා කිරීමේ අනුහස්,
  1. රන්වන් සිරුරක් ලැබීම
  2. ශරීරයේ දූවිලි නොවැසීම
  3. රැස් විහිදෙන/ ප්‍රභාශ්වර ශරීරයක් ලැබීම
  4. මහත් වූ ප්‍රතාප බවක් දිස්වීම
  5. සිනිදු ශරීරයකට හිමිකම් කීම
  6. සෑම භවයකදීම හිසෙහි සුදු වස්ත්‍ර ලක්ෂ ගණනින් දැරීම
  7.  සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්ෂ ගණනින් දැරීම
  8. සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්ෂ ගණනින් දැරීම


පාත්‍රය
පාත්‍රයෙන් දිය නෑමේදී හා කුඩිය සෝදා පවිත්‍ර කිරීම වැනි කටයුතු වලදී කාය පරිහාරික පිරිකරයක් වශයෙන්ද, ආහාර ගෙන වළඳන විටදී කුච්ඡි පරිහාරික පිරිකරයක් වෙයි.

පාත්‍ර පූජා කිරීමේ අනුහස්,
  1. රන්, රිදී, මැණික් තලි පරිභෝජනය කිරීමට හැකිවීම
  2. කිසිදිනක උපද්‍රව සිදු නොවීම
  3. අනතුරුවලින් වැලකීමට
  4. සෑම තැනකම ගරු බුහුමන් දැක්වීම
  5. ආහාර, පාන, වස්ත්‍ර, සයනාසන නොඅඩුව ලැබීම
  6. භව බෝග නොනැසීම
  7. ස්ථීර වූ සිත් ඇතිවීම
  8. ධර්ම රුචිය ඇතිවීම
  9. මද කෙලෙස් සහිත වීම
  10. කාම භව දිට්ඨි නැතිනම් ආශාව රහිත වීම


දැලිපිහිය
දඬු මුගුරු හා දැහැටි සාදා ගැනීම වැනි කටයුතු වලදී  කාය පරිහාරික පිරිකරයක් වශයෙන්ද, උක් දඬු වැනි ආහාර පිලියෙළ කිරීම් වලදී කුච්ඡි පරිහාරික පිරිකරයක් බවට පත් වෙයි.

දැලි පිහිය පූජා කිරීමේ අනුහස්,
  1. සෑම විටම සූරයෙක් වෙයි
  2. නොවිසිරුණ සිත් ඇති වේ
  3. විශාරදත්වයේ යුක්ත වෙයි
  4. ධෛර්ය ඇතිව ජීවත් වෙයි
  5. වීර්යය ඇතිව ජීවත් වෙයි
  6. ඍජු සිත් ඇත්තෙක් වෙයි
  7. සූක්ෂම ශ්‍රද්ධාග්‍රණයක් ලබයි


ඉඳි කටුව
සිවුරු මසන අවස්ථාවේදී ප්‍රධාන වශයෙන් කාය පරිහාරික පිරිකරයක්ද, ආහාර ආදියේදී විද වැළදිය යුතු අවස්ථාවකදී එය කුච්ඡි පරිහාරික පිරිකරයක් වෙයි.

ඉඳි කටු පූජා කිරීමේ අනුහස්,
  1. සැක නැතිව සැරිසරයි.
  2. භවයේ සැක සිඳ හැසිරෙයි.
  3. රූ ඇතිව වෙසේ.
  4. භවභෝග සම්පත් විඳියි.
  5. භවයේ තියුණු නුවණින් යුතුව හැසිරෙයි.
  6. ගැඹුරු, සියුම් ස්ථාන සහිත අර්ථයන් දිකියි.
  7. මොහඳුර දුරු කරන වජ්‍ර සම ඥාණ ශක්‍තීන් ලබයි.


පටිය
කයෙහි බැඳ සිටින අවස්ථාවේදී කාය පරිහාරික පිරිකරයක් ලෙසද, උක් දඬු කැපීමේදී මිටියක් ලෙස බැඳීම වැනි ආහාර සඳහා භාවිත කරන අවස්ථාවේදී කුච්ඡි පරිහාරික පිරිකරයක් ලෙස භාවිත වෙයි.

පටි පූජා කිරීමේ අනුහස්,
  1. සමාධීන් හි අකම්පිත වීම
  2. සමාධීන් හි වශී භාවයට පැමිණීම
  3. නොබිඳෙන පිරිස් ඇතිවීම
  4. තම වදන් අනුන් විසින් පිළිගන්නේ ය
  5. එළඹ සිටි සිහි ඇත්තේ වේ
  6. භයක්, තැතිගැන්මක් ඇති නොවීම


පෙරහන්කඩය
දිය පෙරා ගැනීම, මුං, සහල් වැනි ආහාර ද්‍රව්‍ය පෙරා ගැනීමේදී කුච්ඡ පරිහාරික පිරිකරයක්ද, පිරිසුදු කිරීම් වැනි බාහිර කටයුතු සඳහා යොදා ගැනීමේදී කාය පරිහාරික පිරිකරයක් ලෙසද සැලකෙයි.

පෙරහන්කඩය පූජා කිරීමේ අනුහස්,
  1. සෑම දෙනාම දීර්ඝායුෂ විදීමට හැකිවීම
  2. හොරුන්ගෙන් හිංසා නොවීම
  3. සතුරු විපත් නැතිවීම
  4. වස විෂ, ආයුධ වලින් අනතුරු නොවීම
  5. පරමායුෂ වැළදීමට ලැබීම, අතුරු මරණ නොමැත




අට පිරිකර පූජාවේ අනුහස්

සසර උපදනා ආත්ම භාවයන්හිදී,
  • මැසි මදුරු උවදුරු හා  විෂ ඝෝර සර්පයන් ගෙන් වන හානි අවම වීම
  • පිළිකා, සමාජ රෝග වැනි දරුණු රෝගවලින් කරදර නොවීම
  • කටු, උල්වලින් සිදුවන අනතුරු වලින් වැලකීම
  • නපුංසක, පණ්ඩක වැනි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවීම
  • දෙව්ලොව සැප සම්පත් විඳීමට අවස්ථාව

වැනි බොහෝ සැප සම්පත් හා කරදර උපද්‍රව වලින් බේරී සිටීමට හැකියාව උදාවෙයි. තවද,
මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී %ඒහි භික්ෂූ භාවයෙන්^ මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ %මහලිය පළඳනාව^ වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්ය උදාවන බවද සඳහන් වේ.

අටපිරිකර පූජාවක් සිදු නොකිරීම

අෂ්ඨ පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ තැනැත්තෙකුට ලැබීමට තිබෙන සැප සම්පත් නොලැබී යාමත්, අනතුරු සිදුවීමේ වැඩි ඉඩකඩක් ඇතිබව සඳහන් වෙයි. මීට කදිම උදාහරණයක් ධර්මයේ සඳහන් වෙයි.
 ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය තෙරුන්ගේ කතාවයි.
ඔහු පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බවත් එම කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර නොමැතිබව දැක්වේ. මේ හේතුවෙන්  ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාවද ලබාගත නොහැකි වීමත්, අවසානයේදී ගව දෙනෙකුගේ පහර දීමට ලක්වී පිරිනිවන් පෑමත් සිදුවිය. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක්  සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.

අටපිරිකරවලට අමතර ඇති දස පිරිකර, දොලොප් පිරිකර පිළිබඳ පසුවට කතාකරමු.

තෙරුවන් සරණයි


Post a Comment

0 Comments