ශ්‍රී
ලංකාව හැරුණු විට අනෙක් බුදුදහම පවතින රටවල ඒ ඒ සම්ප්‍රදායන් අනුව පන්සල් හා
විහාරස්ථාන ඉදිකරයි. රටෙහි පිහිටීම අනුව හා එරටේ ගෘහ නිර්මාණශිල්පය අනුව ඉදිකරනු
ලැබූ විහාර කිහිපයක් මෙහි දැක්වෙයි.
1. BAGAN, MYANMAR
මියන්මාරයේ
බාගන් අතීතයේදී බුදු පිළිම10,000ක් පමණ තිබෙන්නට ඇතැයි විශ්වාස කරන අතර වර්තමානය
වනවිට පන්සල් හා දාගැබ් 2,000ක් පමණ දක්නට ලැබේ. මෙහි ආසන්නයේ පිහිටි පන්සල් එක ළඟ අලංකාරව පිහිටන සේ දිස්වීම සංචාරකයන්
ආකර්ශනයට හේතුවක් වී තිබේ.
2. WAT BENCHAMABOPHIT, THAILAND
බැංකොක් හි
පිහිටි මෙය ඉතාලියෙන් ආනයනය කළ Italian
Carrara මාබල්වලින් නිර්මාණය කර තිබේ. 1911දී ඉදිකිරීම් සම්පූර්ණ
කළ මෙහි බුදු පිළිම 52ක් පමණ දක්නට ලැබේ.
3. SEIGANTO-JI, JAPAN
සංචාරක
ආකර්ශනය අතින් ඉදිරියෙන් තිබෙන පූජා භූමියකි. ජපානයේ උසම දිය ඇල්ල වන Nachi Falls ආසන්නයේ වනාන්තර
ගතව මෙය පිහිටා තිබේ. මේ සඳහා පිවිසිය හැකි මාර්ග දෙකකින් යුක්ත වෙයි.
4. WAT RONG KHUN, THAILAND
1997 දී
සොයා ගැණුනු Wat Rong Khun පන්සල තායි චිත්‍රශිල්පියෙකු වූ Chalermchai Kositpipat අතින් හැඩවී තිබේ. සුදු පැහැයට මූලිකත්වය දෙමින් නිර්මාණය වූ මෙම
පන්සල වෙත පැමිණීමේදී සාම්ප්‍රදායික ගෞරවාන්විත ඇඳුමකින් සැරසී පැමිණීම අපේක්ෂා
කරනු ලබයි.
5. PARO TAKTSANG, BHUTAN
භූතානයේ Paro Valley හි උස් කඳු මුඳුණක
පිහිටා තිබේ. සිත්ගන්නා පුරාවෘත්ත රැසකින් සමන්විත මෙම විහාරය Tiger’s Nest යන නමිනුත් හඳුන්වනු ලබයි. කඳු, දිය ඇලි වැනි දුෂ්කර මාර්ගයක් පසු
කිරීමෙන් මෙම ස්ථානයට ලඟාවිය හැකිය.
6. TAUNG KALAT, MYANMAR
බුරුම රජ
කෙනෙක් වූ Anawrahta විසින් පුරාණ ආත්ම වන්දනා කිරීම සඳහා 11 වැනි සියවසේදී මෙය භාවිත කර
ඇති බව පැවසේ. මිනිස් රූපකායට සමාන පිළිම 37ක් පමණ මෙහි දක්නට ඇත. අඩි 557ක උසකින්
යුත් ගිනි කඳු මගින් සෑදුණු පර්වතයක් මුදුණේ පිහිටා ඇති අතර මෙය තරණය කිරීමට පඩි
777ක් නැගිය යුතු වෙයි.
7. WAT XIENG THONG, LAOS
ලාඕස් හි Golden city එසේත් නැතිනම් flame
tree නමින් හැඳින්වෙන මෙය Mekong ගඟට
ඉහළින් පිහිටා තිබේ. ආගම, රාජකීයත්වය සහ සාම්ප්‍රදායික
කලාවේ ආත්මයට වැදගත් ස්මාරකයක් ලෙස මෙය සැලකෙයි.
8. MAN MO TEMPLE, HONG KONG
රතු පැහැයට
මුල් තැන දෙමින් නිර්මාණය කර ඇති අලංකාර පූජා භූමියකි. 1847 දී නිර්මාණය කර ඇති
මෙම පන්සල වෙන පැමිණෙන සංචාරකයන් සඳහා උණ බට සෙලවීමේ සම්ප්‍රදායක්ද පවතියි.
9. TRẤN QUỐC PAGODA, VIETNAM
6 වැනි
සතවර්ශයට අයත් මෙය Hanoi’s West
Lake හි කුඩා දූපතක පිහිටා තිබේ. රතු පැහැති තට්ටු 11කින්
සමන්විත අතර ඉහළින් තට්ටු 9ක් පමණ උස නෙලුම් මල් කුළුණක් දක්නට ලැබේ. රත්‍රන් හා ලෝකඩ පිලිමවලින් යුක්ත මෙහි Mothers නමින් හඳුන්වන කාන්තා බෝධිසත්ව රූප 3ක්ද දක්නට ලැබේ.
10. KYE GOMPA, INDIA
බිතුසිතුවම්
වලින් පෙහොසත් මෙම විහාරස්ථානය එවරස්ට් කන්ද ආශ්‍රිත කඳු මුදුනක නිර්මාණය කර තිබේ.
අධ්‍යාත්මික පසුබැසීම් සඳහා විදේශිකයන් බොහෝ විට සත්කාරකත්වය දරනු ලබයි.
11. BUU LONG PAGODA, VIETNAM
රන්
පැහැයෙන් දිදුලන දාගැබක් සමග පිහිටි මෙහි ධාතූන් වහන්සේලා තැම්පත් කර ඇතැයි
විශ්වාස කරයි.
12. MAHABODHI, INDIA
මහා බෝධිය
නැත්නම් බුද්ධගයාව ලෙස සැලකෙන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙයි. ධාතු
පරිනිර්වාණයද සිදුවන්නේ මෙම ස්ථානයේදී බව පැවසෙයි.
13. BYODO-IN TEMPLE, HAWAII
සම්පූර්ණයෙන්ම
ඇණ වලින් තොරව හවායි හි පළමු ජපන් සංක්‍රමණිකයන්ගේ ශත සංවත්සර සැමරුම වෙනුවෙන් මෙය
ඉදිකරන ලදී. මෙහි අවට Koi මත්සයින්, කලු හංසයන්, මොනරුන් විශාල වශයෙන් ගැවසෙයි.
14. ANGKOR WAT, CAMBODIA
මේ දක්වා
ඉදිකර ඇති විශාලම ආගමික ගොඩනැගිල්ල ලෙස සැලකෙයි. අතීතයේදී ශිව දෙවියන් වෙනුවෙන්ද
පසුව කාම්බෝජ වැසියන් ථේරවාදී බුදුදහමට අයත් පන්සලක් බවට පත් කරන ලදී. අක්කර 401ක්
පුරා විසිරී පවතින මෙය දෙස් විදෙස් සංචාරකයන් රැසකගේ ආකර්ශනය පාත්‍රවී තිබේ.
15. GYEONGBOKGUNG PALACE, SOUTH KOREA
ගොඩනැගිලි
500කට වැඩි ප්‍රමාණයකින් යුක්ත Gyeongbokgung හි උසස් ගෘහ නිර්මාණ ශිල්පයක් දක්නට ලැබේ. තවද මෙහි වසර දහස් ගණනක්
තිස්සේ පවතින යටි තාපන පද්ධතියකින්ද යුක්ත වෙයි.
16. DATSAN GUNZECHOINEI, RUSSIA
රුසියාවේ
ඇති මෙම පන්සල ලෝකයේ උතුරු දෙසින් පිහිටි බෞද්ධ විහාරස්ථාන වලින් එකකි. අතීතයේදී
මෙය යුද හමුදා සන්නිවේදන කටයුතු, ක්‍රීඩා සතුන් පිළිබඳ පරීක්ෂණ කිරීසට යොදා ගෙන
තිබේ.
17. KOPAN MONASTERY, NEPAL
දේශීය හා
විදේශීය භික්ෂූන් වහන්සේලා සිය දහස් ගණනක් මෙහි වාසය කරයි. මෙම පන්සලද කඳු මුදුනක
පිහිටා තිබේ.
18. BOROBUDUR, INDONESIA
මෙය පන්සල්
සංකීර්ණයක් ලෙසද සැලකෙයි. ලෝකයේ විශාලම බෞද්ධ පන්සල ලෙසද හඳුන්වයි. ස්තූප 72ක් පමණ
දැකගත හැකි අතර බුදු පිළිම 504ක් පවතියි.


















0 Comments