සෑම නිවසකම
වාගේ අසන්නට ලැබෙන බොහෝ දෙනෙකුට කට පාඩම් සූත්‍ර දේශනාවක් තමයි රතන සූත්‍රය
කියන්නේ. රෝග බියක්, අමනුෂ්‍ය බියක් වැනි උපද්‍රවයකදී බොහෝ දෙනෙකු මේ රතන සූත්‍රයේ පිහිට පතයි. රතන
සූත්‍රය යනු පිරිතක් වගේම භාවනාවක්. ඒ වගේම කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවූ බලවත්ම
සත්‍යක්‍රියා දේශනාවක්. බුදුරජාණන් වහන්සේ නමක් සත්වතාවක් දේශනාකළ එකම සූත්‍ර
දේශනාව වන්නේද රතන සූත්‍රයයි.
භාවනාවක්
ලෙස
රතන සූත්‍රය
නිරන්තරයෙන් ඇසීමේදී, නිරන්තරයෙන් සඡ්ඡායනා කිරීමේදී නොදැනුවත්වම අප තුළ භාවනාවක්
වැඩීමක් සිදුවෙනවා. රතන සූත්‍රය යනු තුරුණුවන්ගේ ගුණ ඇතුළත් සත්‍යක්‍රියා
දේශනාවක්. බුදුගුණ සිහිකරන්න සිහිකරන්න බුද්ධානුස්සතියද, සිත මෙනෙහි කරගෙන ධර්මයේ
ගුණ සිහි කරන්න සිහි කරන්න ධම්මානුස්සතියද, ශ්‍රාවක සංඝයාගේ ගුණ සිහිකරන්න
සිහිකරන්න සංඝානුස්සතිය භාවනාවක් ලෙස අප තුළ වැඩෙන්න පටන් ගන්නවා. මෙසේ රතන සූත්‍රයෙන්
අනුස්සති භාවනා 3න් අප තුළ වැඩෙනවා. මේ සඳහා රතන සූත්‍රය අර්ථවශයෙන් දැනගත යුතුය.
එසේ දැනගත් කෙනෙකුට භාවනාවක් විදිහට දියුණු කරන්න හැකිවන සූත්‍රයක් තමයි රතන සූත්‍රය
කියන්නේ.
විශාලා
මහනුවර තුන්බිය
බුදුරජාණන්
වහන්සේ බුද්ධත්වයට පත්වී වසර දෙකක් වැනි කෙටි කාලයක විශාලා මහනුවරට එතරම් සුබ දායක
නොවීය. බුදුරජාණන් වහන්සේ මේ වනවිට වේලුවනාරාමයේ වැඩසිටියේය. විශාලා මහනුවර විශාල
දුර්භික්ෂයකට මුහුණ දුන්නේය. ඇළ දොල සිඳී ගියේය. වසංගත ලෙඩ රෝග ව්‍යාප්ත විය.
දිනකට මිනිසුන් විශාල ගණනක් මිය ගියේය. එන්න එන්නම මියයන ගණන වැඩි වීමත් සමග
නිසියාකාරව අවසන් කටයුතු සිදුකිරීමට නොහැකි විය. ඒ ඒ තැන්වල මිනී කුණුවී දුඟද
හමන්නට විය. ඒ තුළින් තවත් තවත් ලෙඩරෝග ව්‍යාප්තවිය. මළ කුණුවලින් හමන දුඟදට එය
ආඝ්‍රහණය කර ජීවත් වන ප්‍රේත කොටස් විශාලා මහනුවරට ඇදී ආවේය. විශාලා මහනුවරම
රෝගබිය, දුර්භික්ෂ බිය හා අමනුෂ්‍ය බියෙන් ඇලලී ගියේය.
ඉතිරිවී
සිටි ලිච්ඡවී රාජකුමාරවරු මේ නගරයට අත්වී ඇති ඉරණමින් මිදීමට තීරණයක්ගැනීමට
කූඨාගාර ශාලාවට රැස්විය. නිගන්ඨනාථපුත්තව මේ නගරයට වඩම්මමු යැයි එක් යෝජනාවක් විය.
සඤ්ජය බෙල්ලට්ඨිපුත්තය ගෙන්වමු යැයි තවත් යෝජනාවක් විය. ඒ අතර, මක්ඛලීගෝසාලය, අජිතකේශකම්බලය, පකුධකච්චායනය වැනි අයගේ නම් කිහිපයක්ද යෝජනා විය. මෙය අසා සිටි මේ අතර
සිටි උපාසක මහතෙක් නැගිට වේලුවනාරාමය දෙසට හැරී සිය උතුරුසළුව ඒකාංශ කර වන්දනාමාන කර, බුදුරජාණන් වහන්සේ ගැන පවසා
සිටියේය. උන් වහන්සේ අරහං, සම්මා සම්බුද්ධයි. නිකෙලෙස් කෙනෙක්. ගුරු උපදේශ රහිතව
ධර්මය අවබෝධ කරගත් කෙනෙක්, විච්ඡාචරණ සම්පන්නයි. සුගත, ලෝකවිදූ, අනුත්තරෝ පුරිස
ධම්ම සාරථී, සත්ථා දේව මනුස්සානං, බුද්ධ, භගවා වැනි බුදුගුණ පැවසිය. බිම්බිසාර
රජතුමා තමයි උන්වහන්සේගේ අග්‍ර දායකයා. එතුමා පූජාකළ වේලුවනාරාමයේ තමයි දැන්
බුදුරජාණන් වහන්සේ වැඩසිටින්නේ. උන්වහන්සේව විශාලා මහනුවරට වැඩමවන්න යැයි ඔහු පවසා
සිටියේය. ලිච්ඡවී කුමාරවරුන්ට එය වැටහිණි. මෙම උපාසකයා මාර්ගයෙන් බිම්බිසාර රජු
මුණගැසී රජු හරහා බුදුරජාණන් වහන්සේව විශාලා මහනුවරට වැඩමවන්න තීන්දු කර ගත්තේය.
අවසානයේදී බුද්ධප්‍රමුඛ මහා සංඝයා සමග විශාලා මහනුවරට වඩින ආරාධනය බුදුරජාණන්
වහන්සේ පිළිගත්තේය.
වේලුවනාරාමයේ
සිට ගංගා නම් ගඟ වෙත යොදුන් 5ක දුරක් පැවතිය. එම දුර ප්‍රමාණයේ වූ මාර්ගය රජුගේ අණ
පරිදි සුද්ද පවිත්‍ර කර සුදු වැලි අතරලා, කොඩි සේසත් නංවලා සැරසිය. ගංගා නම් ගඟේ
සිට විශාලා මහනුවරට යොදුන් 2ක දුරක් විය. එම දුර ප්‍රමාණයේ මාර්ගය ලිච්ඡවීන්
විසින්ද සුද්ද පවිත්‍ර කර සුදු වැලි ඇතිරිය. බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවකයා වෙනුවෙන්
ලිච්ඡවීන්ගේ කූඨාගාර ශාලාව පිළියෙල කළේය.
විශාලා
මහනුවරට වඩින ගමනේදී බුදුරජාණන් වහන්සේ වේලුවනාරාමයෙන් පිටත්ව ගංගා ගඟවෙත පැමිණ
ඉන් එතෙර විය. එතෙර වූ පසු බුදුරජාණන් වහන්සේ පාත්‍රයට ගංගා නම් ගඟෙන් පැන් එකක්
පෙරා ගත්තේය. එම පැන් එක රතන සූත්‍රයෙන් පිරිත් කර ඒ බුද්ධ ධම්ම සංඝ යන
තුරුණුවන්ගේ ගුණෙන් බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කළේය. මේ පිරිත් පැන් නගරය වටා
ඉසිනවිට පැන් බිංදු එකක්වත් අපතේ යන්නෙ නැතිව, සුළඟේ හමාගෙන ගොස් රෝග, දුර්භික්ෂ
හා යම් අමනුෂ්‍යයන්ගෙන් පීඩාවට පත් නගරවාසීන්ගේ ශරීරවල ස්පර්ශ වෙනවාත් සමගම ඔවුන්
සුවපත් වේවා යැයි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළේය. එසේ අධිෂ්ඨාන කර ආනන්ද හාමුදුරුවන්ගේ අතට පාත්‍රය දුන්නේය.
ලිච්ඡවී
කුමාරවරු සමග නගරය වටා තිබෙන ප්‍රාකාර වළලු 3 වටා යමින් මල් කිනිත්තකින් පිරිත්
පැන් ඉසීය. බුදුරජාණන් වහන්සේ නගරයට ඇතුළුවන ප්‍රාකාර වලලේ දෙරටුවට ශ්‍රී පතුළ
තබනවාත් සමගම දුර්භික්ෂය නිමවී එක එක ප්‍රමාණයේ වැසි 7ක් ඇද වැටෙන්න ගත්තේය. බුදුරජාණන්
වහන්සේ හා භික්ෂු සංඝයා කූඨාගාර ශාලාවට වඩින විට එම වැසිවලින් බුදුරජාණන්
වහන්සේවත් භික්ෂු සංඝයාවත් නොතෙමීදෙපසට වැසි ඇද වැටුණු බව සඳහන් වෙයි.
බුද්ධ
අධිෂ්ඨානය අනුව ආනන්ද හාමුදුරුවෝ හා ලිච්ඡවී කුමාරවරු නුවර වටේට පිරිත් පැන්
ඉස්සේය. ඒ පිරිත්පැන් බිංදු අහසේ පාවී ගොස් නුවර වැසියන්ගේ ශරීරවල දැවටීමත් සමග
ඔවුන්ගේ තිබූ රෝග පීඩා තුරන්වී ගියේය. ඒ ආශ්චර්යය අත්විඳි ලක්ෂ ගණනක් වූ නගර
වැසියෝ ආනන්ද හිමියන් පසුපසින් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේය. භික්ෂු සංඝයා බුදුරජාණන්වහන්සේට
පිටුපසින්ද පැමිණි නගර වැසියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් අසුන් ගත්තේය.
කූඨාගාරයේ සිට රතන සූත්‍ර දේශනාව ආරම්භයේදී මුල් ගාථා දෙකෙන් කෝටි ලක්ෂයක් සක්වල
දෙවිවරුන්ට ආරාධනයක් සිදුකළේය.
දෙවි
බමුන්ගෙන් අහස පුරා පිරි ගියේය. අනතුරුව බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කරන
ලදී. විශාලා මහනුවරදී රතන සූත්‍රය මුලින්ම දේශනා කිරීමට ප්‍රථමයෙන් දෙවිවරුන්ට
ආරාධනා කිරීමෙන් අනතුරුව දේශනා කිරීම සිදුකරනවා. රතන සූත්‍රයේ සියලු ගාථා බුදු
රජාණන් වහන්සේ විසින් දේශනා කළද, අවසාන
ගාථා 3 දේශනා කරන්නේ සක්‍ර දෙවියන් විසිනි.
සූත්‍රය
අවසානයේදී සක්‍ර දෙවියන් ඇතුළු දෙව් බමුණ් පිරිස බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණ
%ඔබගේ මේ දේශණාව කෝටි ලක්ෂයක්වන සක්වල දෙවි බමුණ් පිළිගන්නවා, අපි බුදුරජාණන්
වහන්සේට නමස්කාර කරනවා, අපි ධර්මයට නමස්කාර කරනවා, අපි ශ්‍රාවක සංඝයාටත් නමස්කාර
කරනවා කියා තුරුණුවන්ට නමස්කාර කර සිටියේය. රතන සූත්‍රයේ අවසානයේ තිබෙන්නේ එම ගාථා
3යි.
දේශනාව
අවසාන වන විට මෙය ශ්‍රවණය කළ පිරිස අතරින් අසූ හාරදහසක් පිරිස සෝවාහන් ඵලයට
පත්විය. බුදුරජාණන් වහන්සේ විසින් විශාලා මහනුවර නගරවාසීන් රැස් කරමින් දින 7ක් එක
දිගට දෙව් බමුණ්ට ආරාධනා කරමින් රතන සූත්‍රය දේශනා කරන්නට යෙදුණි. ඒ දින 7ම සක්‍ර
දෙවියන් පෙර පරිදි තුණුරුවන්ට වන්දනා කළේය. ඒ සෑම දවසෙම දෙවියන් හා මිනිසුන්
අතරින් අසූ හාරදහසක් දෙනා මාර්ග ඵල අවබෝධ කර ගත්තේය.
0 Comments