ජලයට මුල්තැන දෙන ලෝකයේ අලංකාරමඋත්සවය Loy Krathong

බෞද්ධාගම ව්‍යාප්ත රටවල වෙසක් උත්සවය කියන්නේ ප්‍රධානම ආගමික උත්සවයයි. ථේරවාදී හා මහායාන ලෙස බුද්ධාගම අදහන රටවල වෙසක් උත්සවයත් ඔවුන්ට අනුකූල වූ ක්‍රමවේදයන් ඔස්සේ සමරනවා. ශ්‍රී ලංකාව තුළ නම්, වෙසක් කූඩු, තොරණ, දන්සැල්, භක්ති ගීත හා විවිධ වූ ආගමික වත් පිළිවෙත් රැසක් මෙදින සිදු වෙනවා. සෑම ගෙයක්ම, නගරයක්ම එසේ අලංකාර වෙනවා. එවැනි අලංකාරත්වය මූලික කර ගනිමින් තායිලන්තයේ පවත්වන උත්සවයක් තමයි Loy Krathong කියන්නේ. එය Loi Krathong නමින්ද බොහෝ දෙනෙකු උච්චාරණය කරනවා.

වාර්ෂිකව සංවිධානය කරන මෙම උත්සවය වසරේ 12 වැනි එනම් අවසාන පොහෝ දවසේ සිදුකරනු ලබයි. සාමාන්‍යයෙන් එම මාසයේ මුල් භාගයේදී එම දිනය උදාවෙයි. මෙම උත්සවයේ ප්‍රධානම අරමුණ ලෙස අධ්‍යාත්මිකව ජලය පිරිසුදු කිරීම බලාපොරොත්තු වෙයි.


එය වෙනස් වන අවස්ථාද පවතියි. මෙහි ආරම්භය සොයා යෑමේදී 14 වැනි සියවස දක්වා දිව යයි. Sukhothai යුගයේ විසූ Nang Nopphamat නම් ලස්සන කාන්තාවක් විය. ඇය Ram Khamhaeng රජුගේ අවධානය දිනාගැනීම පිණිස නෙලුම් කොළවලින් අලංකාර කාගේත් සිත්ගන්නා සුළු බෝට්ටුවක් නිර්මාණය කළේය. එහි ඉටිපන්දම් පත්තුකර ගඟේ පාකර යැවීය.  මෙම සිදුවීමෙන් Loy Krathong නිර්මාණය වූ බව පැවසේ. අස්වැන්න නෙලන කාලයේදී හිංදු ආගමේ ජල දෙවියන්ට සිදුකරන පූජාවක් ලෙසද ඇතැමුන් විශ්වාස කරයි. ඒ අනුව මෙය දීපවාලි උත්සවයෙන් බිඳී ආ අංගයක් බවද පිළිගැනෙයි.


ඉතා සිත්ගන්නා සුළු Loy Krathong උත්සවය ලාඕස්වල හා මියන්මාර් හි floating basket නමින් පවත්වනු ලබයි. එහිදී ඉටිපන්දම් සිය දහස් ගණන් කෙසෙල් කොළවල පත්තු කර පාකරනු ලබයි. අද වනවිට ඒ සඳහා වෙසක් කූඩු ඇතුළු බොහෝ අංග එකතු වී තිබේ. මෙම උත්සවය විදුලි බුබුලුවලින් අලංකාර කරන අතර ඒ සඳහා වෙසක් කූඩු වැනි ලස්සන ආයිත්තම් එක්කර ගනු ලබයි.

වෙසක් කූඩු පහන් දල්වමින් ගුවන්ගත කරයි. තවත් අලංකාර ආයිත්තම්වල ඉටිපන්දම් පත්තුකර පා කර යවයි. මල් වෙඩි සංදර්ශන පවත්වයි. ගස් කොලන් විදුලිබුබුලුවලින් ආලෝකවත් කරයි. වෙසක් කූඩු දල්වයි. ආගමික වතාවත් සිදුකරයි. එකම සුරපුරයක් සේ මෙම උත්සවයෙන් හැඟී යයි.


මෙම උත්සවය දැකබලාගැනීමට හා එයට සහභාගීවීමට විදෙස් සංචාරකයන් මෙම කාලයේදී තායිලන්තයට පැමිණෙයි.
















Post a Comment

0 Comments