තථාගතයන් වහන්සේගේ පා සටහනට බෞද්ධයෝ “ශ්‍රී පාදය” යි ව්‍යවහාර කෙරෙති. එය උද්දේශික චෛත්‍යයට අයත් ය. මේ ගාථාව කියා ශ්‍රී පාදය වඳිනු.
ජනානං වන්දමානානං - පත්ථානං සාධකං වරං,
තථාගතපදං වන්දෙ - දෙවින්දෙහි’පි වන්දිතං.
තථාගතපදං වන්දෙ - දෙවින්දෙහි’පි වන්දිතං.
වඳින ජනයාගේ ඒ ඒ ප්‍රාර්ථනාවන් සිදු කරන්නා වූ දේවේන්ද්‍රයන් විසිනුදු වඳින්නා වූ උත්තම වූ තථාගතයන් වහන්සේ ගේ පා සටහන වඳිමි.
ශ්‍රී පාදයට මල් පිදීම
ජනානං පූජමානානං - ධුවං පණිධි සාධනං,
පුප්ඵෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං
පුප්ඵෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං
පූජා පවත්වන ජනයා ගේ ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් සිදු කරන්නා වූ උත්තම වූ තථාගතයන් වහන්සේ ගේ පා සටහනට මේ මල් පූජා කරමි. පූජා වේවා!
ශ්‍රී පාදයට පහන් පිදීම
ශ්‍රී පාදයට පහන් පිදීම
ජනානං පූජමානානං - ධුවං පණිධි සාධනං,
දීපෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං
දීපෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං
ශ්‍රී පාදයට වස්ත්‍ර පිදීම
ජනානං පූජමානානං - ධුවං පණිධි සාධනං,
වත්ථෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං.
වත්ථෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං.
ශ්‍රී පාදයට සුවඳ දුම් පිදීම
ජනානං පූජමානානං - ධුවං පණිධි සාධනං,
ධූපෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං.
ධූපෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං.
ශ්‍රී පාදයට කොඩි පිදීම
ජනානං වන්දමානානං - ධුවං පණිධි සාධනං,
ධජෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං.
ධජෙනෙතෙන පූජෙමි - තථාගත පදං වරං.

0 Comments