ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ කතා කරන කොට ඒ පිළිබඳ ලියවුණු වැදගත් සාධකයක් තමයි මහාවංශය කියන්නේ. පාසල්වලද නිර්දේශිත ග්‍රන්ථයක්. මහාවංශයේ විදිහ අපි පැවැතෙන්නේ විජය කුමරුගෙන්. තවත් විදිහකට කියනවනම් අපේ රාජාවලිය නිලවශයෙන් ආරම්භ වන්නේ විජයගෙන්. නමුත් ඒක ඇත්තටම එහෙමද? පෘඪ ඉතිහාසයක් පවතිනවා යැයි උදම් අනන අපි පැවතෙන්නේ ඉංදියානු සම්භවයකින්ද? ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරමු. මේ කතාවට මූලික අඩිතාලම වැටෙන්නේ අපවත් කළ වදාල සෝම හිමියන්ගේ දේශනයකිනි.
විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට එනකොට කුවේණිය කපු කටිමින් සිට ඇත. ඇත්තටම විජය කියන්නේ කවුද? රටින් පිටුවහල් කළ රජ පුතෙක්. රටේ ජනතාව පුතාට විරුද්ධව රජුට පැමිණිලි කිරීමේදී හිසෙන් අඩක් භූ ගා සිය සොර පිරිස සමග මෙරටට පිටුවල් කළ කතාව අපි හැමෝම දන්නවා. ඉතින් එහෙම වූ සොරෙක්ගෙන්ද අපි පැවතෙන්නේ. විජයගේ කතාව මහාවංශයේ සඳහන් වුණාට දීපවංශයේ සඳහන් වෙන්නේ නැහැ. දීපවංශය ලියවෙන්නේ මහා වංශයටත් පෙර. ඉතින් දීපවංශයේ නැති කතාවක් මහාවංශයට ආවේ කොහොමද කියන ප්‍රශ්ණය එනවා.
යම් කිසි රටක බුද්ධ ශාසනයක් පිහිටුවන්න මුල් වන්නේ බුදු කෙනෙකු විසිනි. නමුත් අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය මෙරට පිහිටුවන්නේ අනුබුදු මිහිඳු මාහිමි බව උන් වහන්සේ එකළ දුටුවේය. ඒ නිසා ඊට අවශ්‍ය පරිසරය සැකසීම සඳහා මුල්ම වරට බුදුහිමියන් මහිංයංගණයට වැඩම කර යක්ෂයන් පළවා හැරියේය.
දෙවැනි වරට බුදුහාමුදුරුවෝ ලංකාවට පැමිණියේ චූලෝදර මහෝදරගේ මැනික් පුටුවට ඇතිවූ අරගලය නවත්වන්න. මැනික් පුටුව කියන්නේ සිංහාසනයක්. ඒ කියන්නේ සිංහාසනයකටයි චූලෝදර මහෝදර රංඩු වුණේ. ඒ කියන්නේ ඔවුන් රජවරුන්. බුදුහාමුදුරුවෝ ඝණ අන්දකාරයක් මවා ඒ ඇති වූ අරගලය නැවැත්වුවා. සඳහන් වෙන්නේ ඒ අන්දකාරය නිසා යුද්ධයට ගෙනාපු දුණු හී කලුවරේ හොයාගන්න බැරිවූ වග. ඒ කියන්නේ නාගයන් කියන්නේ මනුෂ්‍ය පිරිසක්. ගෝත්‍රයක්. තුන්වැනි වරට ලංකාව පැමිණියේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයකට. මණිඅක්ඛිත කියන්නේ ලංකාවේ එක් පැත්තක නාග රජ්ජුරුවො කෙනෙක්.
බුදුහාමුදුරුවො ලංකාවට ඇවිත් අවුරුදු 45කින් තමයි විජය ලංකාවට එන්නේ. ඒ කියන්නේ අපේ පළමුවැනි රජ්ජුරුවෝ විජයද? මහාවංශය ඇයි විජය අපේ පළවැනි රජ්ජුරුවෝ කරන්න හදන්නේ. ඉංදියාවෙන් ආපු හිංදද? විජය එන්න කලින් ලංකාවේ රාජ පරම්පරාවක් හිටියා. විජය ඇවිත් ලංකාව අල්ලගත්තා කිව්වට ලංකාවේ අනික් පැතිවල රජවරුන් හිටියේ නැද්ද? එලාර අනුරාධපුරයේ රජකම් කළාට ලංකාවේ අනික් පැතිවල රජවරුන් හිටියේ නැද්ද? ඉන්න පුළුවන්. ඒ පැත්කතන් වෙනවම රාජාවලියක් ගොඩ නැගුණා. චූලෝදර මහෝදර කියන්නෙත් තවත් රාජපරම්පරාවක කොටසක්. මේ වෙනකොට අවුරුදු 5000කට කලින් රාජ පරම්පරාවක ලකුණු හමුවෙමින් තියෙනවා. අවසානයේදී පැහැදිලියි, මහාවංශය කරුණු අපෙන් සඟවනවා. හැබැයි විජයගේ කතාව තවත් ග්‍රන්ථවලින් සනාධ වෙනවා. විචාර බුද්ධියෙන් සෑම කරුණක් දෙසම සොයා බැලිය යුතුයි

0 Comments